කොදු ඇට පෙලක් සහිත කාණ්ඩ පහෙන් අලියා කිරි බී වැඩෙන ක්ෂීරපායී සත්ව කාණ්ඩයට අයත් වේ. අලියා අසාමාන්‍ය සත්වයෙකි.එනම් වෙනත් ක්ෂීරපායීන් මෙන් නොව අලියාට හොඩවැලක් පිහිටයි.මේ නිසා සත්ව වර්ගීකරනයෙදී අලියා මමාලියා ගෝත්‍රයේ ප්‍රොබොස්සිඩියා ගෝත්‍රයට ගොනුකොට ඇති අතර එලිෆන්ටිඩෙ කුලයට අයත් වේ.දෙමල බසින් "යානෛ" යනුවෙන්ද ඉංග්‍රීසි බසින් එලිෆ්න්ට් නමින්ද,සිංහලෙන් අලියා,හස්තියා,ගජිදු වැනි නම් වලින්ද හදුන්වනු ලැබේ.
අද ලෝකයේ හස්ති වර්ග දෙකක් ඇත එනම් අසියානු අලිය හා අප්‍රිකනු අලිය වේ. අප්‍රිකා මහද්වීපය පුරා අප්‍රිකානු අලියා ජිවත් වන අතර අසියනු අලියා ශ්‍රි ලංකව,චීනය.ඉන්දියව වැනි රටවල් 13 ක ජිවත් වේ.ආසියානු අලියාගේ සම අප්‍රිකනු අලියාට වඩා ඉතා වෙනස් වේ. අප්‍රිකනු අලියගේ මෙන් සම එතරම් ඝනකම නොවේ. අසියනු අලියා ජීවත් වන සෞම්ය පරිසර තත්වය මෙයට හේතුවේ.
ආසියනු අලියා
අලි ප්‍රජාව විවිධාකාර වාසභූමිවල ජිවත් වෙති. සාමාන්‍යයෙන අලි සිය වාසභූමි සීමා වලින් බැහැරව වෙනත් ප්‍රදේශවලට යන්නෙ කලාතුරකිනි. එක් එක් අලි රංචුවල වාසභූ සීමාවන් එකිනෙකට වෙනස්වේ. අලි රංචුවල ප්‍රමාණය ,අවශය ආහාර සහ ජලය මත වාසභූමි ප්‍රදේශයේ විශාලත්වය තීරණය වේ.මොවුන් දිනකට පැය 16-18 පමණ කෑම සොයාගැනීමට ගත කරයි. පිරිමි අලියා දිනකට කිලෝග්‍රෑම් 250 ආහාරයට ගන්නා අතර ගැහැණු අලියා කිලෝග්‍රෑම් 150-200 අතර ප්‍රමාණයක් තෘණ ශාක ආහාරයට ගනී. මොවුන් මිනිසුන් වගා කරන ආහාර වලට වැඩි රුචියක් දක්වති. එම නිසා මොවුන් මිනිසුන් ගේ වගාබිම් වලට පැන එහිවගා කර තිබෙන ආහාර කෑමට ගනි. අලි මිනිස් ගැටුම ඇති වීමට ප්‍රධාන හේතුව මෙයවේ.
අලි මිනිස් ගැටුම අතීතයේ දී එතරම් බරපතල තත්වයක් නොවුනත් එය වර්තමානයේ ඉතා බරපතල ප්‍රශ්ණයක් වී ඇත. එම නිසා වර්තමාන අලි පරපුර වදවී යාමේ අවදානමක් ද ඇත.එය අවම කිරීම සදහා විදුලි වැටක් පිහිටුවීම,ගිගුම් වෙඩි භාවිතය,ජීව වැටක් පිහිටුවාලීම වැනි ක්‍රියා මාර්ග ගතහැක.